
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්‍රස්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි නවදිල්ලියේ ‘ගංගා රාම්’ රෝහලට ඇතුළු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
76 හැවිරිදි සෝනියා ගාන්ධි, රෝහල්ගත කෙරුණ් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යැයි පැවැසෙයි. සෝනියා රෝහලට පැමිණ ඇත්තේ දියණිය ප්‍රියංකා ගාන්ධි සමඟය.
සෝනියා ගාන්ධි වයිරස රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, රෝහල්ගත කිරීමෙන් පසු ඇයට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ක්‍රියා කළ බවත් ‘ගංගා රාම්’ රෝහල නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd