
යුක්රේන හමුදාවට සන්නද්ධ සටන් රථ බෙදා දීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය කැමැත්ත පළ කර තිබේ. ඒ, යුක්රේන හමුදාවට රුසියන් හමුදා සමඟ සටන් වැදීම සඳහාය.
ප්‍රංශ රජයෙන් යුක්රේනයට මෙසේ සන්නද්ධ රථ හිමිවූයේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ පැවැති දුරකතන සංවාදයකින් පසුවය.
රුසියන් යුක්රේන අර්බුදයේ දී, යුක්රේනයට සහාය දක්වන බටහිර රටක්, යුක්රේනයට සන්නද්ධ සටන් රථ ලබා දීමට තීරණය කළ පළමු අවස්ථාව වනු ඇත්තේ මෙයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd