
බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දුන්නේය. 77 හැවිරිදි ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ තෙවැනි වරටය.
බ්‍රසීලය යළි ගොඩනැගීමට තමන් පියවර ගන්නා බවටත්, දිළිඳුකම තුරන් කරන බවටත් දිවුරුම් දීමෙන් පසු ජනතාව අමතමින් ලූලා ද සිල්වා පැවැසුවේය.
දිවුරුම් දීමෙන් පසු අභාවප්‍රාප්ත බ්‍රසීල පා පන්දු තරුව පේලේ වෙනුවෙන් සහ ස්වර්ගස්ථ වූ 16 වැනි බෙනඩික් පාප්තුමන් වෙනුවෙන් සොව පළ කරමින් නිහඬව සිටියේය.
බ්‍රසීල ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේය. ජනාධිපති ධුරයේ සිටි ජාර් බොල්සරානෝ යළිත් වරක් ජනාධිපති ධුරය අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.
තියුණු සටනකින් පසු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ප්‍රධාන විපක්ෂය වූ කම්කරු පක්ෂයට නායකත්වය දුන් ලූලා ද සිල්වාය.
ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිගැනීමට බොල්සරානෝ අදිමදි කළේය. කෙසේ නමුත්, අවසානයේ ඔහුට පරාජය බාර ගැනීමට සිදුවිය.
ලූලා ද සිල්වා දිවුරුම් දෙද්දී, බොල්සරානෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය බලා ගොස් සිටියේය. ලූලා ද සිල්වා බ්‍රසිල ජනාධිපති ධුරය හෙබවූයේ 2003 සිට 2010 තෙක් කාලයේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කනයා පැරදිලාද?