IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බ්‍රසීල ජනපති ලෙස ලූලා යළි දිවුරුම් දෙයි

බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දුන්නේය. 77 හැවිරිදි ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ තෙවැනි වරටය.

බ්‍රසීලය යළි ගොඩනැගීමට තමන් පියවර ගන්නා බවටත්, දිළිඳුකම තුරන් කරන බවටත් දිවුරුම් දීමෙන් පසු ජනතාව අමතමින් ලූලා ද සිල්වා පැවැසුවේය.

දිවුරුම් දීමෙන් පසු අභාවප්‍රාප්ත බ්‍රසීල පා පන්දු තරුව පේලේ වෙනුවෙන් සහ ස්වර්ගස්ථ වූ 16 වැනි බෙනඩික් පාප්තුමන් වෙනුවෙන් සොව පළ කරමින් නිහඬව සිටියේය.

බ්‍රසීල ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේය. ජනාධිපති ධුරයේ සිටි ජාර් බොල්සරානෝ යළිත් වරක් ජනාධිපති ධුරය අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

තියුණු සටනකින් පසු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ප්‍රධාන විපක්ෂය වූ කම්කරු පක්ෂයට නායකත්වය දුන් ලූලා ද සිල්වාය.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිගැනීමට බොල්සරානෝ අදිමදි කළේය. කෙසේ නමුත්, අවසානයේ ඔහුට පරාජය බාර ගැනීමට සිදුවිය.

ලූලා ද සිල්වා දිවුරුම් දෙද්දී, බොල්සරානෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය බලා ගොස් සිටියේය. ලූලා ද සිල්වා බ්‍රසිල ජනාධිපති ධුරය හෙබවූයේ 2003 සිට 2010 තෙක් කාලයේය.

(රොයිටර්)



අදහස් (1)

බ්‍රසීල ජනපති ලෙස ලූලා යළි දිවුරුම් දෙයි

Ananda Monday, 02 January 2023 01:09 PM

එතකොට කනයා පැරදිලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 418 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2188 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site