
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මුර්සාල් නබිසාදා වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජය බිඳ වැටුණේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා යුද මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. ඉන්පසු තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගත් අතර, මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ඇත්තේ තලේබාන් පාලන රජයකි.
32 හැවිරිදි නබිසාදා, කාබුල් අගනුවර සිය නිවසේ සිටිද්දී සන්නද්ධ පිරිසක් නිවසට කඩා වැදී ඇයට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි. නබිසාදාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද සිට ඇති අතර, එක් ආරක්ෂක නිලධාරියෙක් ද වෙඩි වැදී මියගියේය.
නබිසාදාගේ ඝාතනය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් වී ඇත. නබිසාදා ඇෆ්ගන් පාර්ලිමේන්තුවට තේරී පත වූයේ 2018 දීය.
2021 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී, බටහිර අනුග්‍රහයෙන් පිහිටවූ රජයේ පාර්ලිමේන්තු සාමාජිකයෝ බොහෝ දෙනකු ඇෆ්ගනිස්තානයෙන් පලා ගියහ. ඒ තලේබාන්වරුන් බලයට පැමිණෙද්දී, ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටෙන බැවිනි.
කෙසේ නමුත් නබිසාදා සිය මව් රටින් යෑම ප්‍රතික්ෂේප කර තිබුණි. තලේබාන් රජය පවසා ඇත්තේ නබිසාදා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් පවත්වන බවය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
348
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1633
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් මන්ත්‍රීවරියක් වෙඩි තබා මරා දැමේ