
ඇෆ්ගන් තලේබාන් රජය, ඔවුන්ගේ ෂරියා නීතිය යටතේ සොරකම්වලට වරදකරුවන් වූ ඇෆ්ගන් වැසියන් නව දෙනකුට ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දී තිබේ.
දඬුවම් ලබා දීම සිදුවූයේ කන්දහාර් නුවර වැසියන් නව දෙනකුටය. දඬුවම් ලබා දීම කන්දහාර් ක්‍රීඩාංගනයේ සිදු කෙරුණි. ෂරියා නීතිය යටතේ මෙම නව දෙනාට දඬුවම් කර ඇත්තේ ඔවුන්ගේ එක අතක් බැගින් කපා දමමිනි.
අත් කපා දමූ සැණින් තුවාල පිරිසුදු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ද සිදුවිය. තවත් වැරදි කීපයකට වරදකරුවන් වූ පුද්ගලයන් කීප දෙනකුය ප්‍රසිද්ධියේ කස පහර 35 ක් 39 ක් ලබා දීම සිදුවිය. ඒ, ප්‍රාන්ත ආණ්ඩුකාර හජී සයිඞ් ඉදිරියේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd