
යුක්රේන යුද්ධයෙන් රුසියාව පරාජය වුවහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකට ඇති කිරීමට හේතුවක් වනු ඇතැයි රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු ද වන දිමිත්‍රි මෙඞ්වදේව් පවසයි.
දිමිත්‍රි මෙඞ්වදේව් රුසියන් ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා ද වෙයි.
“යුක්රේන යුද්ධයේ අවසානයක් පෙනෙන්න නැහැ. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සාමයක් අවශ්‍ය නැහැ. යුක්රේනයට අවි ආයුධ ලබා දීමෙන් ඒ බව පැහැදලි වෙනවා. යුක්රේන යුද්ධය පරාජය වුවහොත්, රුසියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට යෑමට පසුබට වෙන්නේ නැහැ. එසේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් එය මහා විනාශයක් වේවි.” යැයි දිමිත්‍රි මෙඞ්වදේව් පැහැදලි කර තිබේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය, ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්විධානය’ සමඟ එකවීමට තීරණය ක බැවිනි. ‘නේටෝ’ යනු බටහිර රටවල් යුක්රේනයට එරෙහිව පිහිටුවා ගත් යුද සන්ධානයකි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ලඟඳීම න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වෙනවා. මේ ගැන හුඟක් රටවල් බලාපොරොත්තුවෙන් භීතියෙන් ඉන්නේ.