IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුක්රේන නගර රැසකට රුසියාවෙන් මිසයිල ප්‍රහාර

යුක්රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. නැගනෙහිර යුක්රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල වුණු අතර, එයින් සිවිල් වැසියෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 27 ක් යැයි පැවැසෙයි.

රුසියන් හමුදාව, ප්‍රහාර එල්ල කරන්නේ යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් අඩපණ කිරීමේ අරමුණින්ය. විදුලි බලගාර, ජල සැපැයුම් පද්ධති ආදිය රුසියන් හමුදාවේ ඉලක්ක වී තිබේ.
රුසියන් හමුදා පහර දීමට, ඉරානයෙන් ලබා ගත් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ද යොදා ගන්නා බව යුක්රේන රජය දිගින් දිගටම චෝදනා නගයි.

කීව් අගනුවරට, කාර්කීව් සහ ඔඩෙසා නගරවලට ද මිසයිල ප්‍රහාර එල්ල විය. මේ වනවිට ඇමෙරිකාවෙන්, ප්‍රංශයෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබේ.
ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මිසයිල නාශක අවි පද්ධති කීපයක් ම යුක්රේන හමුදාවට ලබා දී ඇත.

ඒ, රුසියාවෙන් එල්ල වන මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමටය. බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ගේ මැදිහත් වීමෙන් චැලෙන්ජර් 2 වර්ගයේ යුද ටැංකි යුක්රේන හමුදාවට ලැබී ඇති බව ද වාර්තා වේ.

චැලෙන්ජර් යනු බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රෂානතම යුද ටැංකි වර්ගයයි. රුසියන් හමුදා අඩපණ කිරීමට මෙම යුද ටැංකිවලට හැකිවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති සුනාක් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන නගර රැසකට රුසියාවෙන් මිසයිල ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 349 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1633 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site