ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ තීරණය කළේ කැලිෆෝනියාවේ ප්‍රාන්ත රැසක් ජලයෙන් යටවී ඇති බැවිනි.

ජල ගැලීම්වලට හසුනොවුණු ඇතැම් පළාත්වලට හිම වැටෙන්න පටන්ගෙන ඇති බවත් හිම පතනය අඩි 6 ක් බවත් වාර්තා වේ. ඇමෙරිකා ජාතික කාලගුණ දෙපාර්තමේන්තුව මහ වැසි සම්බන්ධයෙන් මෙන්ම දැඩි හිමපතනය සම්බන්ධයෙන් ද කල්තියා අනතුරු අඟවා තිබුණි.

අයහපත් කාලගුණය හේතුවෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පැවැසෙයි. පළාත් රැසක නිවාස සිය ගණනක් මුළුමනින්ම ජලයෙන් යට වී ඇති බව ද වාර්තා වේ. පීඩාවට පත්වුණු කැලිෆෝනියානුවන් ගණන මිලියන 26 කි.

(ඒ.එෆ්.පී.)