
චීනයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතින බවත්, ගතවුණු දින 35 ඇතුළත 'කොවිඩ් 19' මරණ 65,000 ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම මරණ වාර්තා වී ඇත්තේ දෙසැම්බර් 8 වැනිදා සිට පසුගිය ජනවාරි 12 වැනිදා තෙක් කාලයේය.
චීන සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ඉදිරියේ දී 'කොවිඩ් 19' මරණ තව තවත් ඉහළ යනු ඇති බවය. චීනයේ මේ අයුරින් 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ 'කොවිඩ් 19' සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා තහංචි ඉවත් කිරීමට රජය පියවර ගැනීමෙන් පසුවය. චීන රජය මෙම තීරණය ගත්තේ ජනතාව ඊට විරෝධය දක්වා විරෝධතා පවත්වමින් රජයට දොස් කියන්න වූ බැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවෙයි. චීන සෞඛ්‍ය අංශ තමන්ට නිරන්තරයෙන් 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් දත්ත ලබා දෙනවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
349
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’කොවිඩ්’ මරණ 65,000 ක්