
සින්ට් මාර්ටෙන් නමැති කැරිබියානු දූපත් බලධාරීන්, එම දූපතේ ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊට හේතුව. මෙම ‘වර්වෙට්’ වඳුරන් දූපත් වැසියන්ට හිසරදයක් වීම සහ වගා හානි සිදු කිරීමය. සින්ට් මාර්ටෙන් රජය. වඳුරන් මරා දැමීම සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහාය ඇතිවය.
මරා දැමීමට පෙර, වඳුරන් 450 ක් අල්ලා උන් වෙනත් දූපතකට රැගෙන යෑමට ද නියමිතය. වඳුරන් 450 දෙනා අල්ලා ගැනීම වසර 3 ක කාලයක් තිස්සේ සිදුවනු ඇතැයි ද පැවැසෙයි.
‘වර්වෙට්’ කැරිබයානු දූපත්වලට ආවේණික සත්ව විශේෂයක් නොවෙයි. වඳුරන් කැරිබියානු දූපත්වලට පැමිණීම සිදුවූයේ 17 වැනි සියවසේ පැමිණි සංචාරකයන්ගෙනි. ඒ, දකුණු සහ නැගෙනහිර අප්‍රිකාවෙනි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟක් රටවල්වල වගාවන්ට හානි කරන සත්තු මරාගෙන ආහාරයට ගන්නවා. කාළගුණ විපර්යාන සිනා ඵලදාව අඩුවීමත් මීට හේතුවක්.
වගාවත්, සතුනුත් රැකගැනීමයි සංවර්ධනය කියන්නේ... එකපාරක් කපුටන් මරලා කසල ප්‍රශ්නයක් ආවා ... ඕක කාගෙහරි තකතීරු අදහසක් සතාසිව්පාවට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.
කැරිබියානු දූපත්වල පදිංචිවෙලා ඉන්න මිනිස්සුත් වෙන රටවල්වලින් ආපු නිසා ඒ අයවත් මරා දමන්නේ නැතිද? දැන් ඔය ඇමෙරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ එහෙම ඉන්න සුද්දොත් වෙන රටවලින් ආපු අය නේද?
Very sad..