
ජර්මන් හමුදාව සතු ප්‍රබලතම අවියක් ලෙස ලෙස සැලකෙන ‘ලෙපර්ඞ්’ වර්ගයේ යුද ටැංකි දෙකක්, යුක්රේන හමුදාවට ලබා දීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් කැමැත්ත පළ කර තිබේ.
රුසියන් හමුදා ප්‍රහාර හමුවේ යුක්රේනයට ‘බර අවි’ ලබා දීම සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ඔහුගේ රජයේ කැමැත්තක් නොතිබුණි.
කෙසේ නමුත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ඉල්ලීමට කන් දෙමින්, ‘ලෙපර්ඞ්’ යුද ටැංකි යුක්රේන හමුදාවට ලබා දීමට ජර්මන් චාන්සලර්වරයා කැමැති විය. ඒ අනුව, යුද ටැංකි දෙකක් යුක්රේනයට යැවීම සිදුවිය.
මේ වනවිට මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව ද යුක්රේනයට යුද ටැංකි ලබා දී ඇත. ඒ, රුසියන් ප්‍රහාරවලට එරෙහිව යුක්රේන සෙබළුව්ට සටන් වැදීම සඳහාය.
ඇමෙරිකාව යුක්රේනයට ලබා දී ඇත්තේ ‘එම්1 ඒබ්‍රාම්ස්’ යුද ටැංකිය. මහා බ්‍රිතාන්‍යය යුක්රේනයට ලබා දී ඇත්තේ ‘චැලෙන්ජර්’ වර්ගයේ යුද ටැංකිය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd