
මීට වසර 21 කට පෙර, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, හටගත් හින්දු මුස්ලිම් ගැටුම් සහ එවකට ගුජරාටයේ මහ ඇමැති ලෙස කටයුතු කළ නරේන්ද්‍ර මෝදි, හින්දු අන්තවාදීන් උස් ගැන්වීම සම්බන්ධයෙන් බීබීසී නාලිකාව නිර්මාණය කළ වාර්තා වැඩසටහන නවදිල්ලි අගනුවර ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනය කරද්දී ඊට බාධා එල්ල වූ බව පැවැසෙයි.
විශ්ව විද්‍යාල බලධාරීන්, වාර්තා වැඩසටහන ප්‍රදර්ශනය වැළැක්වීමේ අරමුණින් බලධාරීන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ විදුලිය සහ අන්තර්ජාල පහසුකම් විසන්ධි කළ බවට චෝදනා එල්ල වී තිබේ.
වාර්තාමය වැඩසටහන ප්‍රදර්ශනය කළහොත් ඒ පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමට පවා පසුබට නොවන බව විශ්ව විද්‍යාල බලධාරීන් කල්තියා අනතුරු අඟවා තිබුණි.
එසේ වුවත්, ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන් 300 කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ජංගම දුරකතන ඔස්සේ මෙම වැඩසටහන නරඹා ඇතැයි ඉන්දීය මාධ්‍ය පසුව වාර්තා කළේය.
වාර්තා වැඩසටහන නැරැඹූ සිසුන් ඉලක්ක කර ගනිමින් හින්දු අන්තවාදීන්, ගල් ප්‍රහාර එල්ල කළ බවට ද දිල්ලි පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
වාර්තා වැඩසටහන කොටස් දෙකකින් යුක්ත වන අතර, එහි දෙවන කොටස මේ වන විට එක්සත් රාජධානියේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ.
ඉන්දීය මධ්‍යම රජය, බීබීසී වාර්තා වැඩසටහන සම්බන්ධයෙන්, වාරණයක් ද පනවා තිබේ. එය ප්‍රදර්ශනය තහනම් කර ඇති අතර, එහි කොටස් සමාජ මාධ්‍ය තුළ බෙදා ගැනීමද තහනම් කර තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වය සම්බන්ධයෙන් රිනාත්මක මතයක් ප්‍රචාරණය කිරීම සඳහා වැඩසටහන නිර්මාණය කර ඇති බවය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදිගේ වාර්තා වැඩසටහන පෙන්වද්දී විදුලිය විසංධි කරලා