IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකන් ප්‍රහාරයකින් අයි.එස්. නායකයෙක් මරුට

උතුරු සෝමාලියාවේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන බිලාල් අල් සුඩානි ඝාතනය කළ බව ඇමෙරිකාව පැවැසීය.

ඇමෙරිකා හමුදාව සෝමාලියාවේ, මෙම විශේෂ හමුදා මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමැතිය ඊට හිමිවීමෙන් පසුවය. සෝමාලියා රජය, හමුදාව සහ බුද්ධි අංශයේ සහාය ද ඇමෙරිකානු හමුදාවට ලැබී තිබේ.

බිලාල් අල් සුඩානි අත් අඩංගුවට ගැනීම සඳහා ඔහු රැඳී සිටි සෝමාලියාවේ ගුහා සංකීරණයට ඇමෙරිකානු හමුදා කඩා වැදුණු අවස්ථාවේදී අල් සුඩානි සමඟ සිටි සෙසු අයි.එස්. ත්‍රස්තවාදීන් සහ ඇමෙරිකන් හමුදා සෙබළුන් අතරේ දරුණු අවි ගැටුම් සිදුවිය. එහිදී ඇමෙරිකන් ප්‍රහාරවලින් අයි.එස්. ත්‍රස්තවාදීන් 10 දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.

අප්‍රිකා කලාපයේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ව්‍යාප්ත කිරීමේ කටයුතු බාර වී තිබුණේ බිලාල් අල් සුඩානිට බව ඇමෙරිකාව වැඩි දුරටත් පවසා ඇත. බිලාල් අල් සුඩානිසෝමාලියාවේ සිට ලෝකයේ පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් සඳහා මූල්‍ය සහාය සපයා ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

(රොයිටර්)



අදහස් (1)

ඇමෙරිකන් ප්‍රහාරයකින් අයි.එස්. නායකයෙක් මරුට

Bamunuarachchi Friday, 27 January 2023 02:22 PM

සිරිලංකාවේත් ඉන්නවා isis කාරයින්... ඔවුන් ලංකාවට ශරියා නීතිය ඉල්ලනවා... අපි දෙන්නම් ලොකේෂන් එක පුළුවන් නම් වැඩක් දෙන්න.. ඔවුන් තමයි පාස්කු ප්‍රහාරය කළේ... අන්තිමට වන්දී ගෙවන්න වුණේ බෞද්ධයින්ට, ලස්සන වැඩේ බෞද්ධයින් හුරේ දැම්මා බෞද්ධයින්ට වැරැදුණාට....

:       39       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site