දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දුන්නත් ප්‍රංශය හෝ ප්‍රංශයේ මිතුරන් වන සෙසු බටහිර රටවල් කිසිම අවස්ථාවක රුසියාවට එරෙහිව යුද වදින්නේ නැතැයි ප්‍රංශය අවධාරණය කර ඇත.

‘යුක්රේන හමුදාවට අවි ආයුධ සහ යුධෝපකරණ ලබා දීම දිගටම සිදුවෙනවා. අප ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යුක්රේන හමුදාවට යුද ටැංකි ලබා දුන්නා. ඒත් පැහැදිලිව කියන්න ඕනෑ අප හෝ අප මිතුරු රටවල් හෝ රුසියාව සමග යුද්ධ කරන්නේ නැහැ.’ යැයි ප්‍රංශ විදේශ කටයුතු අමත්‍යාංශ රකාශිකා ඇන් ක්ලෙයා ලෙජෙන්ද්‍රේ පැහැදිලි කර තිබේ.

මේ වනවිට ඇමෙරිකාව, ඔවුන්ගේ ඇබ්රාම්ස් යුද ටැංකි 31 ක් යුක්රේනයට ලබා දී ඇති අතර, මහා බ්‍රිතාන්‍යය යුක්රේනයට ඔවුන් සතු චැලෙන්ජර් යුද ටැංකි ලබා දී තිබේ. ප්‍රංශය, ජර්මනිය සහ කැනඩාව ලබා දී ඇත්තේ ඔවුන් සතු ‘ලෙපර්ඩ්’ යුද ටැංකිය.

(රොයිටර්)