නොකඩවා මහ වැසි ඇද හැලීමත් සමඟ නවසීලන්තයේ ඔ්ක්ලන්ඩ් නුවර ජලයෙන් යටවිය. නවසීලන්තයේ විශාලතම නගරය ලෙස සැලකෙන්නේ ඕක්ලන්ඩ්ය.
ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. ජල ගැලීම් සමඟ මාර්ග අවහිර විය. නිවාස ජලයෙන් යට වෙද්දී විදුලිය බලය විසන්ධි කර දැමුණු බව ද වාර්තා වේ.
ඕක්ලන්ඩ් නගරාධිපති වේන් බ්‍රවුන් කියා සිටියේ ඕක්ලන්ඩ් නුවර වැසියන්ට මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදුවූයේ වසර ගණනකින් බවය. මහ වැසි සහ ජල ගැලීම්වලින් වැඩි බලපෑම් එල්ල වූයේ ඕක්ලන්ඩ් උතුරු වෙරළ ප්‍රදේශයේ වයිරෝ නිම්නයේ පදිංචි වැසියන්ටය.
විපතට පත්වුණු වැසියන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව නවසිලන්ත නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා ඇත.
මේ අතර නවසීලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේසනය කර ඇත්තේ ඕක්ලන්ඩ් නගරයට පතිත වූයේ වාර්තාගත වර්ෂාපතනයක් බවය.
(බිබීසී)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි
D N M Magrat Sunday, 29 January 2023 12:42 PM
ඉතා ඉක්මණින් සමතයකට පත්වේවා..!