IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක්

විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවිය.

පාකිස්තාන ඉස්ලාමාබාද් අගනුවර කටයුතු මෙන්ම, එරට ප්‍රධාන ආර්ථික නගරය වන කරච්චි නුවර කටයුතු ද මෙම විදුලිය බිඳ වැටීම හේතුවෙන් අඩපණ විය. ඊට අමතරව, පෙෂාවෝර් සහ ලාහෝර් යන ප්‍රධාන නගරවල කටයුතු ද මුළුමනින්ම අඩපණ වුණු බව මාධ්‍ය වාර්තා පැවැසීය.

පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එම ආර්ථික අර්බුදය හේතුවෙන් බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වී ඇත. පසුගිය කාලය පුරා දිනකට පැය ගණනින් විදුලි කප්පාදු කිරීමට පාකිස්තාන රජයට සිදුවිය. දෛනිකව නොකඩවා විදුලිය සැපැයීම විදුලි බල අමත්‍යාංශ බලධාරීන්ට අභියෝගයක් වී ඇතැයි ද පැවැසෙයි.

පාකිස්තාන විදුලි බල පද්ධතියේ දෝශයක් යට ගත්තේ අද (23) එරට වේලාවෙන් උදෑසන 7.34 ට පමණය. කෙසේ නමුත් බිඳ වැටුණු විදුලිය සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් ක්‍රියා කරන බව පාකිස්තාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2148 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site