විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවිය.

පාකිස්තාන ඉස්ලාමාබාද් අගනුවර කටයුතු මෙන්ම, එරට ප්‍රධාන ආර්ථික නගරය වන කරච්චි නුවර කටයුතු ද මෙම විදුලිය බිඳ වැටීම හේතුවෙන් අඩපණ විය. ඊට අමතරව, පෙෂාවෝර් සහ ලාහෝර් යන ප්‍රධාන නගරවල කටයුතු ද මුළුමනින්ම අඩපණ වුණු බව මාධ්‍ය වාර්තා පැවැසීය.

පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එම ආර්ථික අර්බුදය හේතුවෙන් බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වී ඇත. පසුගිය කාලය පුරා දිනකට පැය ගණනින් විදුලි කප්පාදු කිරීමට පාකිස්තාන රජයට සිදුවිය. දෛනිකව නොකඩවා විදුලිය සැපැයීම විදුලි බල අමත්‍යාංශ බලධාරීන්ට අභියෝගයක් වී ඇතැයි ද පැවැසෙයි.

පාකිස්තාන විදුලි බල පද්ධතියේ දෝශයක් යට ගත්තේ අද (23) එරට වේලාවෙන් උදෑසන 7.34 ට පමණය. කෙසේ නමුත් බිඳ වැටුණු විදුලිය සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් ක්‍රියා කරන බව පාකිස්තාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)