
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති මයික් පෙන්ස්ගේ නිවසින් ද රජයේ රහස් ලියවිලි රැසක් හමුවී තිබේ.
මයික් පෙන්ස්ගේ නිවසින් මෙසේ රජයේ රහස් ලියවිලි හමුවූයේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවසින් සහ ඔහුට අයත් වූ කාර්යාලයකින් ද රහස් ලියවිලි රැසක් හමුවීමෙන් පසුවය.
මයික් පෙන්ස් රිපබ්ලිකන් අපේක්ෂකයෙකි. ඔහු උප ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුර හොබවද්දී, ට්‍රම්ප්ගේ දෙවැනියා ලෙසය. ඇමෙරිකා ජනාධිපතිවරණය 2024 දී පැවැත් වෙයි.
ඊට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස මයික් පෙන්ස් ඉදිරිපත් වීමට සූදානමින් සිටී. කෙසේ නමුත් මෙම රහස් ලියවිලි හමුවීම ඊට බාධාවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd