ඉන්දියාව අද (26) 74 වැනි ජනරජ දිනය සැමරයි. ජනරජ දිනය නිමිත්තෙන්, නවදිල්ලි අගනුවර, ‘කර්තාව්‍ය පාත්’ වීදියේ හමුදා ශක්තිය සහ සංස්කෘතික විවිධත්වය ගාම්භීර ලෙස ප්‍රදර්ශනය කරමින් පෙළපාළි ආරම්භ විය.
ඉන්දියාවේ අභිමානය මුසුවුණු හමුදා ශක්තිය ප්‍රදර්ශනය කළ එම පෙළපාළිය ආරම්භ වූයේ එරට වේලාවෙන් උදෑසන 10.30 ටය. නවදිල්ලි අගනුවර ‘කර්තාව්‍ය පාත්’ මාර්ගය පෙර හැඳින්වූයේ ‘රාජ්පාත්’ යනුවෙනි. මාර්ගයේ නම වෙනස් කෙරුණේ අලුත්වැඩියාවකින් පසුවය.
74 වැනි ජනරජ දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ය. ඊජිප්තු ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියේ පසුගිය 24 වැනිදා සවසය.
ජනාධිපති අල් සීසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්විණි. ඒ, ඊයේ (25) සවසය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාව 74 වැනි ජනරජ දිනය සමරයි