
ඉන්දීය ගුවන් හමුදාවට අයත්, ‘සුකෝයි එස්.යූ. 30’ සහ ‘මිරාජ් 2000’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, පුහුණු මෙහෙයුමක් අතරතුරේ එකිනෙක හැපී අනතුරට ලක්විණි.
එකිනෙක හැපුණු ප්‍රහාරක යානාවලින් එකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරේනා පළාතටත්, අනෙක ඊට කිලෝ මීටර් 100 ක් දුරින් රාජස්ථානයේ භාරත්පූර් පළාතටත් කඩා වැටී පිපිරී විනාශ වූ බව පැවැසෙයි.
‘සුකෝයි එස්.යූ. 30’ යානය නියමුවන් දෙදෙනකුට යා හැකි ප්‍රහාරක ජෙට් යානයකි. ‘මිරාජ් 2000’ එක් නියමුවකු පියාසර කරවන ප්‍රහාරක ජෙට් යානයකි.
එකිනෙක හැපුණු අවස්ථාවේ දී ‘සුකෝයි එස්.යූ. 30’ යානයේ නියමුවෝ දෙදෙනා පැරෂූට් ආධාරයෙන් පිටතට පැන ගත්හ.
‘මිරාජ් 2000’ ජෙට් යානයේ නියමුවාට දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත. තුවාල ලබා සිටි ‘සුකෝයි එස්.යූ. 30’ නියමුවන් දෙදෙනා, කඩිනමින් රෝහල්ගත කෙරුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd