IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මොන්ටෙරි පාර්ක් වෙඩික්කරු මියයයි

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ගැබි්‍රයෙල් නිම්නයේ, මොන්ටෙරි පාර්ක් නගරයේ, චීන නව අවුරුදු සමරුමකට කඩා වැදුණු වයෝවෘද්ධ පුද්ගලයකු කළ වෙඩි තැබීමකින්, 10 දෙනකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීම කළේ ඇමෙරිකාවේ ජීවත් වන චීන ජාතිකයකු වන හූ කැන් ට්‍රාන් නමැත්තා බව තහවුරු වීමත් සමඟ පොලිසිය ඔහු කොටු කර ගැනීමට මෙහෙයුම් ආරම්භ කළේය. 

හූ කැන් ට්‍රාන් කොටු කර ගැනීමට පොලිසිය සමත් වූයේ මොන්ටෙරි පාර්ක් නගරයට නිරිත දෙසින් පිහිටි ටොරෙන්ස් නගරයේදීය. පොලිසිය වට කළ අවස්ථාවේ හූ කැන් ට්‍රාන් වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බව පැවැසෙයි.

චීන ජාතිකයන්ගේ දින දර්ශනයට අනුව, නව අවුරුදු උදාව සැමරීම පසුගිය සති අන්තරේ සැමරීම සිදුවිය. විදේශගත චීන ජාතිකයෝ ද දින දෙකක් තිස්සේ අවුරුදු සැමරුම්වලට සහභාගී වූහ. ‘මොන්ටෙරි පාර්ක්’ නගරයේ පැවැති අවුරුදු සැමරුම, ඇමෙරිකාවේ චීන ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු විශාලතම අවුරුදු සැමරුම ද විය.

‘මොන්ටෙරි පාර්ක්’ නගරයේ උත්සව ශාලාවට කඩා වැදී වෙඩි තැබීම කළ 72 හැවිරිදි වන හූ කැන් ට්‍රාන්, එසැණින් එතැනින් පලා ගොස් තිබේ. පොලිසිය ඔහු ලුහු බැඳීම කළේ ඉන්පසුවය.

‘පොලිස් නිලධාරීන් සැකකරු කොටු කර ගනිද්දී, ඔහු සිටියේ වෑන් රියේ. ඔහු වෙඩි තබා ගෙන දිවි නසා ගත්තා’ යැයි ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් රොබට් ලූනා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. හූ කැන් ට්‍රාන් වෙඩි තැබීම කළේ ඇයිදැයි පොලිසිය තවමත් අනාවරණය කරගෙන නැත. වෙඩි තැබීමේ සිද්ධියට වෙනත් කිසිවකු සම්බන්ධ නැහැ. එසේ වුවත් අප වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන දිගටම කරගෙන යනවා’ යැයි ෂෙරිෆ් රොබට් ලූනා වැඩි දුරටත් පැවැසුවේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්වුණැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. වෙඩි ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සොව පළ කරමින් ජාතික ධජ අඩකුඹු කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

මොන්ටෙරි පාර්ක් වෙඩික්කරු මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23139 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10849 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 552 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site