IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි

මීට සතියකට පෙර, ආධුනික තාරකා විද්‍යාඥයකු පළමු වරට සොයාගත් ‘2023 බීයූ’ නමැති ග්‍රහකය අද (27) අලුයම පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කළේය. ග්‍රහකයක් පෘථිවියට ඉතාම ආසන්නව ගමන් කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

මීටර් 3.5 ත් 8.5 ත් අතර විෂ්කම්බයකින් යුත් මෙම ග්‍රහකය පෘථිවියේ හැපුණේ නම් සැලැකිය යුතු හානියක් සිදුවීමට ඉඩ තිබුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පසුව පැවැසුවේය.

විශ්වයේ ගමන් කරන, පෘථිවියට අනතුරක් වේවි යැයි අනුමාන කළ හැකි ග්‍රහක ගැන ඇමෙරිකාවේ නාසා ආයතනය පමණක් නොව, තාරකා විද්‍යාඥයෝ අවධානයෙන් පසුවෙති.

ඊට අමතරව, පෘථිවිය අසලින් ගමන් කරන, පෘථිවියේ හැපී අනතුරක් විය හැකි ග්‍රහක සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයෝ පැය 24 පුරා විමසිල්ලෙන් පසුවෙති.

එසේ විමසිල්ලෙන් පසුවුවත් ‘2023 බීයූ’ ග්‍රහකය කල්තියා හඳුනා ගැනීමට නොහැකි විය. ‘2023 බීයූ’ ග්‍රහකය, මීට සතියකට පෙර, පසුගිය ජනවාරි 21 වැනිදා පළමුවෙන් සොයා ගත්තේ, යුක්රේනයට අයත් රුසියන් පාලනයට නතු ක්‍රිමියාවේ ආධුනික තාරකා විද්‍යාඥ ජෙනාඩි බොරිසෝව්ය.

ග්‍රහකය ‘2023 බීයූ’ යන නමින් නම් කෙරුණේ ඉන්පසුවය. ග්‍රහක යැග තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව නාසා විද්‍යාඥයෝ එහි ගමන් මඟ ගණනය කරමින් පැවැසූහ.

ග්‍රහකය කිලෝ මීටර් 3,600 ක් පෘථිවියට ළංව පෘථිවිය අසලින් ගමන් කළේය. නාසා ආයතනය පැවැසුවේ ග්‍රහකය ගමන් කළේ පෘථිවි කක්ෂයේ ඉහළින් රඳවා ඇති චන්ද්‍රිකා අසලින් බවය. ග්‍රහකය චන්ද්‍රිකාවල හැපී චන්ද්‍රිකා විනාශ වීමට ද ඉඩ තිබුණි.

(රොයිටර්)



අදහස් (1)

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි

ජගත් ලියනගේ Friday, 27 January 2023 05:22 PM

අපරාදේ... ඕකට යන්න තිබ්බේ දියවන්නාවට...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site