
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස සැලකෙන, ඔහුගේ නැගණිය කිම් යෝ ජොන් ඇමෙරිකාවට දොස් නැගුවාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව යුක්රේන හමුදාවට යුද ටැංකි ලබා දීම සම්බන්ධයෙනි.
රුසියානු හමුදාවට එරෙහිව, ඇමෙරිකාව යුක්රේනයට යුද ටැංකි ලබා දීමෙන් සිදුවන්නේ යුද්ධය තවත් උත්සන්න වීමක් බවත් සාමයට ඇති ඉඩකඩ තව තවත් ඇහිරී යන බවත් කිම් ජොන් උන්ගේ නැගණිය පෙන්වා දී තිබේ.
ඇමෙරිකාව ඔවුන් සතු නවීන පන්නයේ ප්‍රබල යුද ටැංකි 13 ක් යුක්රේනයට ලබා දී ඇත්තේ එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය අනුගමනය කරමිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd