බයිඩන්-හැරිස් විදෙස් සංචාර අවලංගුයි
ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන දරුණු ළැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, උප ජනාධිපතිනී කමලා හැරිස් ද ඔවුන්ගේ විදෙස් සංචාර අවලංගු කර ඇත.බයිඩන් මෙන්ම, හැරිස් ද ලබන ජනවරි 20 වැනිදා ඔවුන්ගේ ධුරවලට සමුදීමට නියමිතය. ඒ, නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්රම්ප් දිවුරුම් දෙන බැවිනි.