
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන්, එලැඹෙන 15 වැනිදා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ට්‍රම්ප් හමුවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇත්තේ ට්‍රම්ප් නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
ට්‍රම්ප් සහ පුටින් අතරේ මුහුණට මුහුණ හමුව, ලබන 15 වැනිදා ඇලෙස්කාවේදී සිදුවනු ඇතැයි ද පැවැසෙයි. තමන් ද පුටින් හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන බව, ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමය වේවා..!
මේ වැඩේ හරිගියොත් ට්‍රම්ට්ට නොබෙල් සාම ත්‍යාගය ලැබෙයි. ගම්මන්පිල සහ තුම්මුල්ලේ විමලේ ලෙඩක් අදියිද?