
ඇපලෝ 8 සහ ඇපලෝ 13 යන ගගන මෙහෙයුම්වලින් දෙවරක් සඳට ගිය සහ එක් වරක්වත් සඳට පය තැබීමට නොහැකි වූ පළමු මිනිසා ලෙස සැලකෙන නාසා ගගනගාමී ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 97 කි.
සිය නිවසේ දී, පවුලේ ආදරණීයයන් අසල සිටිද්දී, ලොවෙල් අවසන් සුසුම් හෙළූ බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ලොවෙල් උපන්නේ, 1928 වසරේදීය.
1968 දී සිදු කළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳට ගිය ඇපලෝ යානයේ සිටි ගගනගාමීන් තිදෙනාගෙන් කෙනකු වූයේ ලොවෙල් ය. ඇපලෝ 8 මෙහෙයුම සඳ බලා ගියත්, සඳ මතට ගගනගාමීන් රැගෙන ගිය මෙහෙයුමක් නොවීය. ලොවෙල් 1970 දී ඇපලෝ 13 මෙහෙයුමේ, ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඇපලෝ 13 මෙහෙයුමට අයත් යානය, සඳ බලා යද්දී අතරමඟදී අකරතැබ්බකට මුහුණ දුන්නේය. ආපසු ආරක්ෂිතව පෘථිවය බලා පැමිණියේ ලොවෙල්ගේ නායකත්වයෙනි.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙවරක් සඳට ගිය ජිම් ලොවෙල් සමුගනී