ලෝක නායකයෝ සුබ පතති
තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදිහත් වෙනවා යැයි ට්රම්ප් දිගින් දිගටම පවසා තිබුණි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, දිවුරුම් දුන් ජනාධිපති ට්රම්ප්ට සුබ පතමින් පවසා ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ට්රම්ප් ඉදිරිපත් කරන යෝජනාවලට කන් දීමට සූදානම් බවය.