
පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්, බංග්ලාදේශයේ නිල සංචාරයක් ආරම්භ කරමින් ඩකා අගනුවරට පැමිණියේය.
බංග්ලාදේශ අන්තර්වාර රජයෙන්, පාකිස්තාන විදේශ අමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. පාකිස්තානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙලෙස බංග්ලාදේශයට පැමිණියේ 2012 වසරෙන් පසුවය.
පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවැති ශිෂ්‍ය අරගලයෙන් පසු එරට පාලනය කරන්නේ පාලක මණ්ඩලයක් මගිනි. දීර්ග කාලයක් බලයේ සිටි අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනාට සිය ධුරය අහිමි වූයේත්, ඇය ඉන්දියාවට පලා ගියේත් පසුගිය වසරේ අගෝස්තු මාසයේ හටගත් ශිෂ්‍ය අරගලයෙන් පසුවය.
ෂෙයික් හසීනාගේ රජය පැවැති කාලයේ බංග්ලාදේශය ඉන්දියාවට සමීප විය. කෙසේ නමුත් දැන්, බංග්ලාදේශය පාකිස්තානය සමඟ වඩ වඩාත් සමීපව කටයුතු කරමින් සිටී.
පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්, බංග්ලාදේශයේ සංචාරයකට පැමිණියේ, එහි ප්‍රතිඵලයක් ලෙසය. පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්ගේ මෙම ඩකා සංචාරය, ඓතිහාසික යැයි බංග්ලාදේශය පවසා ඇත.
පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සහ බංග්ලාදේශ විදේශ කටයුතු පිළිබඳ උපදේශක තුහායිද් හොසේන් අතරේ සාකච්ඡා පැවැත් වුණු අතර, ගිවිසුම් කීපයකට අත්සන් කෙරුණි. මේවනවිටත් පාකිස්තානය සහ බංග්ලාදේශය අතරේ මුහුදු මාර්ග ඔස්සේ වෙළෙඳ කටයුතු සිදුවෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd