IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බටහිර රටවලට තනි තීරණ ගන්න බෑ

යුක්රේනයේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ සෙසු බටහිර රටවලට, රුසියාවේ අදහස් විමසීමකින් තොරව, තනිව කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බව රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් පවසයි.

රුසියන් විදේශ අමාත්‍යවරයා මේ බව පැවැසුවේ, යුක්රේනයට ලබාදෙනආරක්ෂක සහතික පිළිබඳ විස්තර සාකච්ඡා කිරීම නේටෝ සාමාජික රටවල හමුදා ප්‍රධානීන් රැස්වෙද්දීය. 

නේටෝ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් මෙහි සාමාජිකයන්ය. නේටෝව පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ, යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්වීමට සූදානමක් පවතී. ඒ, එලැඹෙන සති දෙකක කාලය ඇතුළතදීය. එම හමුවේ මැදහත්කරු ලෙස කටයුතු කරනු ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

 



අදහස් (0)

බටහිර රටවලට තනි තීරණ ගන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 372 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site