
ඇමෙරිකාවේ රැඳී සිටින විදේශීය ශිෂ්‍යයන් සහ මාධ්‍යවේදීන්ට එහි සිටිය හැකි කාලය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇතැයි විාදෙස් මාධ්‍ය පවසයි.
යෝජිත නවක්‍රමය අනුව, ඇමෙරිකාවේ සංක්‍රමණිකයන් සඳහා තවදුරටත් නීතිය දැඩිකෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන්ප වෙයි. මේ අනුව විදේශිකයන්ට ශිෂ්‍ය වීසා යටතේ වසර 4කට වඩා අමෙරිකාවේ රැඳී සිටීමේ හැකියාවක් නොමැති බව ද පැවැසෙයි.
විදේශීය මාධ්‍යවේදීන්ට දින 240ක් පමණක් සිටිය හැකි අතර තවදුරටත් අමෙරිකාවේ රැඳී සිටීමට අවශ්‍ය නම් දින 240ක් අතිරේකව ඉල්ලා සිටීමේ හැකියාව ඇත. කෙසේවෙතත් චීන මාධ්‍යවේදීන්ට ලැබෙන්නේ දින 90ක අතිරේකව ඉල්ලා සිටිය හැකි කාලසීමාවක් පමණක් බව පැවැසෙයි.
ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතුවලදී වීසා නිකුත් කරනු ලැබුවේ අදාළ අධ්‍යාපනික වැඩසටහන් කාලයට සමගාමීවය. මාධ්‍යවේදීන් සඳහා වීසා නිකුත් කිරීම ඔවුන්ගේ රැකියා අවශ්‍යතාවට අනුව නිකුත් කරනු ලැබුණි. කෙසේ වෙතත් වසර 10කට වඩා වැඩි කාලයක් සංක්‍රමණික නොවන වීසා වලංගු නොවිණි.
ස්වදේශික ආරක්ෂක දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ නිශ්චිතව කිව නොහැකි තරම් විදේශිකයන් සංඛ්‍යාවක් දින නියමයක් නොමැතිව සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වීසා දීර්ග කරගන්නා බවත් ඔවුන් ‘සදාකල් ශිෂ්‍යයන්’ ලෙස ඇමෙරිකාවේ රැඳී සිටින බවය.
2023-2024 අධ්‍යයන වර්ෂය සඳහා අමෙරිකාව විදේශීය සිසුන් මිලියන 1.1කට වීසා නිකුත් කර ඇතැයි ද පැවැසෙයි. වෙනත් කිසිදු රටක් නොලබන තරම් ආදායමක් ඇමෙරිකාවට විදේශීය සිසුන්ගෙන් ලැබෙන බව මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.
මෙම නව නීති සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා සංක්‍රමණික කටයුතු පිළිබඳ සන්ධානයේ සභාපති මිරියාම් ෆෙල්ඩ්බ්ලම් පවසා ඇත්තේ, ‘මෙය ලොව පුරා සිටින දක්ෂ පුද්ගලයන්ට ඔවුන්ගේ දායකත්වය අමෙරිකාවට තවදුරටත් වටිනාකමක් නොමැති බවට වන පණිවුඩයක්’ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd