
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිනොගන්නා ලෙස ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස් පවසයි. ජර්මන් චාන්සලර්වරයා මෙසේ පැවසුවේ, කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි මේ වනවිට සිටින්නේ ජර්මනියේ නිල සංචාරයකට එක් වෙමිනි. ලබන මාසයේදී පැවැත්වෙන ජගත් මහා මණ්ඩල සැසියේදී කැනඩාව, ප්‍රංශය, මහ බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට සූදානම් වෙයි.
මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ කිසිදු අදහසක් නොමැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd