
ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන්, පාකිස්තානයේ කරච්චි නුවරත්, ඉන්දියාවේ මුම්බායි නුවරත් ජලයෙන් යට වී ඇත. කරච්චි පාකිස්තානයේ වෙළෙඳ අගනුවර වන අතර, මුම්බායි ඉන්දියාවේ වෙෙළඳ අගනුවරය.
කරච්චි නගරයේත් මුම්බායි නගරයේත් දෛනික කටයුතු මුළුමනින්ඩ අඩපණ වී ඇති බවත්, කාර්යාල සහ පාසල් වසා දැමීමට බලධාරීන් උපදෙස් දී ඇති බවත් පැවැසෙයි. මාර්ග අවහිර වී ඇති බවත් වාර්තා වේ.
කරච්චි නුවරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පැවැසෙයි. ඉදිරි දින කීපයේ ද කරච්චි නුවරට මහ වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පුරෝකථනය කර ඇත.
මේ වනවිට පාකිස්තානයේ වයඹ දිග කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි සහ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 380 පසු කර ඇතැයි ද පැවැසෙයි. තවත් සියයකට වැඩි පිරිසක් අතුරුදන් බව ද වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි අගනුවර මිලියනයකට වැඩි පිරිසකගේ ජන ජීවිතය අඩපණ වී ඇත.
මුම්බායි නුවර මාර්ග ද අවහිර වී ඇති බවත්, දුම්රිය ධාවන කටයුතුවලට පමණක් නොව ගුවන් ගමන්වලට ද ජල ගැලීම් බාධාවක් වී ඇති බවත් වාර්තා වේ.
මුම්බායි නගරයටත් අසප්වැසි දිස්ත්‍රික්කවලටත් රතු නිවේදන නිකුත් කර ඇත. මුම්බායි අයත් වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයටය. අයහපත් කාලගුණය හේතුයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් මරණ 21 ක් වාර්තා වේ.
ඉදිරි දින කීපයේ දී ද මුම්බායි නුවරට අධික වැසි ඇදහැලෙනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ගතවුණු සිවුදින මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය මෙම මාසයේ නගරයට ලැබෙන සාමාන්‍ය වර්ෂාවට වඩා ඉහළ අගයක් බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
373
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරච්චි-මුම්බායි ජලයෙන් යටවෙයි