ෆීජි අග්‍රාමාත්‍ය සිතේවනි රබූකා, තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවටය පැමිණියේය.
නවදිල්ලියට පැමිණි ෆීජි අග්‍රාමාත්‍යවරයාට ඉන්දීය රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. අග්‍රාමාත්‍ය සිතේවනි රබූකා සහ ඉන්දීය අග්‍රමාත්‍ය නෙරේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි.

ෆීජි යනු පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් සමූහයකි. මේ දූපත්වල සැලකිය යුතු ඉන්දීය සම්භවයක් සහිත ජනතාවක් වාසය කරන අතර, එරට ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ඉන්දීය සම්භවයක් ඇති අය යැයි පැවැසෙයි. පළමු ඉන්දියානුවන් 1879 දී ගිවිසුම්ගත කම්කරුවන් ලෙස එහි පැමිණි අතර, ඔවුන් ‘ගිර්මිතියාස්’ ලෙස හඳුන්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

(එන්.ඩී.ටීවී.)