යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර ඇතැයි යුක්රේන මාධ්‍ය පවසයි. ඇන්ඩ්‍රි පරුබියි, යුක්රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකි.

ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කෙරුණේ බටහිර යුක්රේනයේ ලිවිව් නගරයේදීය. පාර්සල් රැගෙන පැමිණෙන කුරියර්වරයකු ලෙස වෙඩික්කරු පැමිණ ඇතැයි පැවැසෙයි.

පරුබියි, වීදියේ ගමන් කරමින් සිටිද්දී වෙඩික්කරු ඔහු පිටුපසමින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇත. වෙඩි ප්‍රහාරයෙන් පරුබියි එම ස්ථානයේ දීම මියගිය බව ද පැවැසෙයි.

වෙඩික්කරු සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. මෙය පැහැදිලි ලෙසම කුරිරු ඝාතනයක් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.

2013 වසර අවසානයේ රුසියානු හිතවාදී හිටපු ජනාධිපති යැන්කොවිච්ගේ රජය යුරෝපා සංගමය සමග ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ආරම්භ වූ යුරෝමයිඩන් ව්‍යාපාරයේදී පරුබි ප්‍රමුඛ චරිතයක් බවට පත්විය.

පසුකාලීනව යැන්කොවිච් බලයෙන් පහ කිරීමෙන් පසු ඔහු යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් බවට පත්විය. 

(ඒ.එෆ්.පී.)