ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ, මිනියැපොලිස් නගරයේ කතෝලික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, දරුවෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබු ගණන 17 කි.

වෙඩි තැබීම සිදුවූයේ උදෑසන පාසල ආරම්භ කිරීමට පෙර පැවැත්වුණු දේව මෙහෙය අතරතුරේය. මියගියේ අවුරුදු 8 ත් 10ත් අතරේ දරුවන් දෙදෙනකු බව පොලිසිය කියයි.

වෙඩික්කරු ගිනි අවි කීපයක් අතැතිව පාසලට කඩා වැදුණු බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් පසු ඔහු ද දිවි නසාගෙන ඇත. තුවාල ලැබූ 17 දෙනා අතරේ කුඩා දරුවන් 14 ක් සිටින බවත්, ඔවුන් කීප දෙනකුගේ තත්වය බරපතල බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 (එන්.ඩී.ටීවී.)