ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් අතරේ සාකච්ඡා, ධවල මන්දිරයේ දී පැවැත්විණි. 

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ලී ජේ මියුංග්, ට්‍රම්ප් හමුවීමට ඇමෙරිකාවට ආ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතරේ මිතුදම් ශක්තිමත් කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්විණි.

දකුණු කොරියාවට පැමිණෙන්නැයි ජනාධිපති ලී ජේ මියුංග්, ඇමෙරිකන් ජනාධිපතිවරයාට ඇරැයුම් කිරීමට ද අමතක කළේ නැත. දකුණු කොරියාවට පැමිණීමෙන් පසු, ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ හමුවක් පැවැත්වීමට තමන් කටයුතු කරන බව ද  ලී ජේ මියුංග් පැවැසීය. මෙය ට්‍රම්ප්ගේ පැසසුමට හේතුවක් විය. 

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී අවස්ථා දෙකකදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වූහ.