IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මිනිස් මාංශ බුදින පණුවෙක් ඇමෙරිකාවේ

මිනිස් සිරුරේ තුවාලවල වැඩෙමින්, මිනිස් මාංශ ආහාරයට ගත් ‘ස්කෲවර්ම්’ වර්ගයේ පරයෝෂිත පණුවකු පළමු වරට ඇමෙරිකාවෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 

මෙම පණුවා, පරපෝෂිත මැස්සකුගේ බිත්තරවලින් බිහිවන සත්වයෙකි. එම මැස්සා හැඳින්වෙන්නේ ‘ස්කෲවර්ම්’ මැස්සන් යනුවෙනි. ස්කෲවර්ම් මැස්සාගේ ද ජීවන චක්‍රය වන්නේ බිත්තර, කීටයා (පණුවා), පිලවා සහ මැස්සාය. 

‘ස්කෲවර්ම්’ මැස්සන්, දකුණු ඇමෙරිකා මහද්වීපයේ පහළින් පිහිටි රටවලත් කැරිබියානු රටවලත් බහුලව දකින්න ලැබෙයි. සාමාන්‍යයෙන් ‘ස්කෲවර්ම්’ මැස්සන් බිත්තර දැමීම සිදුකරන්නේ ගොවිපොල සතුන්ගේ තුවාලවලය.

‘ස්කෲවර්ම්’ මැස්සන් මැස්සකු මනුෂ්‍යයකුගේ තුවාලයක බිත්තර දමා පණුවන් බිහිවුණු බව වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

 ‘ස්කෲවර්ම්’ මැස්සන්, දකුණු ඇමෙරිකාවේ පහළින් පිහිටා ඇති රටවල ගොවිපොල සතුන් අතරේ වසංගත ලෙස ව්‍යාප්ත වෙයි. එවැනි වසංගත, ආර්ථිකයට ද විශාල වශයෙන් බලපෑම් එල්ල කරයි. 

ඇමෙරිකාවේ ගොවිපොල සතුන්ට ද මැස්සන්ගෙන් බලපෑමක් ඇතිදැයි සෙවීමට ඇමෙරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය සහ ඇමෙරිකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අත්වැල් බැඳගෙන සිටී.

 ‘ස්කෲවර්ම්’ පණුවන් හමුවුණු මේරිලන්ඩ් පදිංචිකරුවකු බවත්, ඔහු දකුණු ඇමෙරිකා රාජ්‍යයක් වන එල් සැල්වදෝර්යේ සිට යළි මේරිලන්ඩ් බලා පැමිණීමෙන් පසු රෝගී වී ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පැහැදිලි කරති.

‘ස්කෲවර්ම්’ මැස්සා, තුවාලයක බිත්තර දැමීමෙන් පසු, පැය 24 ක් ගතවෙද්දී, එම බිත්තර පුපුරා පිටතට පැමිණෙන කීටයන් (පණුවන්) තුවාලයේ මාංශ ආහාරයට ගනිමින් වැඩෙයි. අවශ්‍ය පෝෂණය ලබා ගැනීමෙන් පසු තුවාලයෙන් වැටෙන පණුවන් තවත් දින කීපයක් යද්දී මැස්සන් බවට පත් වෙයි. 

ඇමෙරිකාවේ ගොවිපොල සතුන් අතරේ විශේෂයෙන් ගවයන් අතරේ ‘ස්කෲවර්ම්’ මැස්සන්ගේ වසංගතයක් ඇති වුවහොත් එය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බව බලධාරීන් අනතුරු ඇඟවීම් කර ඇත.



අදහස් (0)

මිනිස් මාංශ බුදින පණුවෙක් ඇමෙරිකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 373 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site