ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහිව ගෙන යන යුද්ධය, තව සති තුනකින් අවසන් වනු ඇතැයි තමන්ට සහතියක් ලබා දිය හැකි බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් මේ බව කියා සිටියේ ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අතතුරේ මාධ්‍යවේදීන් හමුවෙමිනි. "මට විශ්වාසයි ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත ගාසා ඊශ්‍රායල යුද්ධය අවසන් වෙනවා. පැහැදිලි අවසානයක් දකින්න ලැබෙනවා" යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ගාසා තීරයට නොකඩවා එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සහ ගාසා වැසියන් කුසගින්නේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් විරෝධයක් එල්ල වී ඇත.

ජාත්‍යන්තරයෙන් කුමන ආකාරයේ විරෝධයක් එල්ල වුවත්, ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලයට සහාය දක්වයි. ඒ, බිලියන ගණනින් අවි ආයුධ සපයමිනි. ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව පවසා ඇත්තේ ඔවුන් පලස්තීනය නිල වශයෙන් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම් බවය.