
නයිජීරියා ගුවන් හමුදාව, කැමරූන් දේශසීමාව අසල ඉස්ලාමීය ජිහාද් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. නයිජීරියා හමුදාව පසුව පැවැසුවේ, එම ප්‍රහාරවලින් ත්‍රස්තවාදීහු 35 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශවල යළිත් හිස ඔසවා ඇති බවත්, ඔවුන් අඩපණ කිරීමට විශේෂිත මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් නයිජීරියා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දේශසීමාව අසල ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළේ බුද්ධි තොරතුරු පාදක කර ගනිමින් යැයි ද නයිජීරියා හමුදාව වැඩි දුරටත් පවසා ඇත.
ඉස්ලාමීය ජිහාද් ත්‍රස්තවාදීන් වසර ගණනක් තිස්සේ නයිජීරියවා රජයට හිසරදයක් වී ඇත. 2015 දී ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට නයිජීරියා රජය සමත් වූ නමුත්, මේ වනවිට ඔවුන් යළි ශක්තිමත් වී සිටින බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd