
ඇමෙරිකාවේ, ලුවිසියානා ජනපදයේ, කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක් සිදුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිහිසි තෙල් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක මෙසේ පිපිරීම සිදුවුණු බවය.
පිපිරීමත් සමඟ විශාල දුමාරයක් හටගෙන ඇති අතර ශ්වසන අපහසුතා ඇති වීම වළක්වා ගැනීම සඳහා එම කර්මාන්ත ශාලාව අවට නිවෙස්වල පදිංචිකරුවන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd