
ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප්‍රධානී ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් සිය තනතුරින් ඉවත් කිරීමට, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පියවර ගෙන ඇත.
ඊශ්‍රායල ඉරාන යුද්ධයේ දී, ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික ඉලක්කවලට බෝම්බ දමමින් පහර දුන්නේය. ඒ, එරට න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමටය. එම ප්‍රහාරය සැලැසුම් කළේත් ක්‍රියාවට නැංවූයේත්, ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සිය යටතේය. මෙහෙයුම සඳහා උපදෙස් ලබා දීම කළේ ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් ය.
කෙසේ නමුත්, ප්‍රහාරය ඇමෙරිකාව සිතූ තරම් සාර්ථක නොවුණු අතර, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට එය විශාල පාඩුවක් ද නොවිණි.
ප්‍රධානී ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් සිය තනතුරින් ඉවත් කිරීම සිදුවූයේ ප්‍රහාරයෙන් තමන් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵල අත් නොවීම නිසා යැයි, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැහැදිලි කර ඇත. ඒ අනුව, ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියේ දෙවැනියා ලෙස කටයුතු කරමින් සිටින ක්‍රිස්ටීන් බෝර්ඩින් වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර ඇතැයි ද පැවැසෙයි.
ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස්ට අමතරව, බුද්ධි අංශයේ තවත් ඉහළ නිලධාරීන් කීප දෙනකු ද ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර ඇතැයි පැවැසෙයි. පෙන්ටගනය එනම් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවට පමණක් නොව, ධවල මන්දිරයට ද බුද්ධි තොරතුරු සැපයීම නිරන්තරයෙන් සිදු කරන්නේ, ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියයි.
2025 දෙසැම්බර් මස 04
373
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකන් බුද්ධි ප්‍රධානියා ධුරයෙන් ඉවතට