
උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මෙම පද්ධතිය අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේය.
මේ සම්බන්ධයෙන් උතුරු කොරියානු හමුදාව පවසා ඇත්තේ අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් තමන් මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය නිර්මාණය කර ඇති බවය.
මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල අවි පද්ධතියට ඉතා පහසුවෙන් සතුරු හමුදා එල්ල කරන ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල විනාශ කළ හැකි බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd