සමඟිය සහ සංවර්ධනය ගැන අවධාරණය කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින්, අසල්වැසි ටිබෙටයේ සංචාරයකට ගියේය. ඒ, චීනය විසින් ටිබෙටය ස්වයං පාලන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ වසර 60 ක් පිරීම නිමිත්තෙනි.

ටිබෙට් වැසියන්ගෙන් චීන ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය. චීන ජනාධිපතිවරකු මෙසේ ටිබෙටයට යෑම දුර්ලභ සිදුවීමක් ලෙස ද සැලකෙයි.

ෂී ජින්පින්, චීන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ටිබෙටයේ සංචාරයකට ආ දෙවැනි අවස්ථාව මෙයයි. 
ටිබෙටයේ බෙදුම්වාදය අවසන් කිරීමට ගෙන යන උත්සාහය වෙනුවෙන්, චීන ජනාධිපතිවරයා ටිබෙට් පාලකයන්ට ස්තුති කිරීමට ද අමතක කළේ නැත. 

චීන ජනාධිපතිවරයා දේශනයක් පැවැත්වූ අතර, ඊට 20,000 කට වැඩි ටිබෙට් වැසියන් පිරිසක් සහභාගී වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.