
සති දෙකක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධයට සාමකාමී විසඳුමක් නොලැබුණොත්, රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදු කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට සාම වැඩපිළිවෙළක් මේ වනවිට සකස් වෙමින් පවතී. එසේ වුවත්, රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනට ප්‍රහාර එල්ල කරයි. මෙය ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත.
පසුගිය දා ඇමෙරිකානු ජනාධිපති සහ රුසියානු ජනාධිපති පුටින් අතර මුහුණට මුහුණ හමුව ඇලස්කාවේදී පැවැත්විණි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙනි. කෙසේ නමුත්, එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් විය. අවසන් එකඟතාවක් ඇති කර නොගැනුනත්, සාකච්ඡා ඵලදායී බව ට්‍රම්ප් පැවැසීය.
ඉන්පසු පසුගිය 18 වැනිදා ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුරෝපා රටවල නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. තමන් යුක්රේන ජනාධිපති හමුවීමට සූදානම් බව පුටින් ද පැවැසීය.
කෙසේ නමුත් එම සාකච්චා අවසන් වෙද්දී, රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි සුපුරුදු ලෙස යුක්රේනයට රුසියාවෙන් ප්‍රහාර එල්ල වීම ඇරැඹිණි. මෙම ප්‍රහාර ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. රුසියාව සාමය සඳහා මාවතකට එළැඹෙන්නේ නැතිනම් තමන් රුසියාවට සම්බාධක පනවන බව ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ ඒ අනුවය.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන්, ඇමෙරිකාව, රුසියාවටත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටත් සම්බාධක පැනැවීම් කර ඇත. ට්‍රම්ප් අනතුරු අගවා ඇත්තේ එම සම්බාධක තවත් වැඩි කරන බවටත්, රුසියාවට එරෙහිව සියයට 100 ක තීරු බදු පැනැවීම් සිදු කරන බවටත්ය.
2025 දෙසැම්බර් මස 04
373
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියාවට සම්බාධක දානවා: ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු