
ස්මාට් ෆෝන් ජංගම දුරකතන භාවිතයට ගන්නා කාලය දිනකට පැය දෙකකට සීමා කරන්නැයි ජපාන රජය එරට වැසියන්ගෙන් ඉල්ලයි. ඒ, මානසික සහ ශාරීරික සෞඛ්‍ය සැළකිල්ලට ගනිමින් වෛද්‍යවරුන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි.
ජපාන රජය මෙම ඉල්ලීම කර ඇත්තේ ටෝකියෝ නුවර වැසියන්ගෙන් යැයි ද පැවැසෙයි. ස්මාර්ට්‍ෆෝන් වැඩි කාලයක් භාවිත කිරීම නිසා නින්ද නොයෑම, ආතතිය ආදී සෞඛ්‍යමය ගැටලු මතුවන බවත්, එවැනි ගැටලුවලින් පීඩාවිදින ටෝකියෝ වැසියන් ගණන ඉහළ යෑමත් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද පැවැසෙයි. පාසල් දරුදැරියන්ට රාත්‍රි 9න් පසු ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කිරීමට ද බලධාරීන් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd