
ඇමෙරිකාවට ආනයනය කරන ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට අවස්ථා හතරකදී ඇමතුම් ලබා දුන් නමුත් මෝදි ට්‍රම්ප්ගේ ඇමතුම් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වොෂින්ටනය හෝ නවදිල්ලිය හෝ කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැත.
ට්‍රම්ප් පරිපාලනය, ඉන්දියාවට මෙසේ සියයට 50 ක බදු පැනවීමක් කළේ රුසියන් යුක්රේන යුද්ධය හමුවේ, ඇමෙරිකාව, රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට එරෙහිවය. ඉන්දියාව යනු ලොව දැවැන්තම තෙල් ආනයනයකරුවෙක්.
ට්‍රම්ප් පරිපාලනය පැනවූ බදු සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ ‘පීඩනය වැඩිවෙයි. ඒත් අපි එම පීඩනය අප දරාගන්නවා. කොච්චර පීඩනයක් ආවත් කමක් නෑ, ඊට ඔරොත්තු දීමට අපේ ශක්තිය දිගටම ඉහළ නංවා ගන්නා’ යනුවෙනි.
ඉන්දියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිගන්වමින් මෝදි පැහැදිලි කර ඇත්තේ, ‘අප සියලු දෙනා අනුගමනය කළ යුත්තේ 'ඉන්දියාවේ නිෂ්පාදිත' භාණ්ඩ පමණක් මිලදී ගැනීමේ මන්ත්‍රය’ බවය.
අග්‍රාමාත්‍ය මෝදි විසින් ස්වදේශීය නිෂ්පාදන සඳහා ජනතාව උනන්දු කරවීමට ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2124
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ ඇමතුම් මෝදි මඟ හැරලා