
ඉන්දීය ජාතික සිනමා උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පසුගිය දා සමත් විය. ෂාරුක්ට මෙම සම්මානය හිමිවූයේ, ඉන්දීය ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව සංවිධානය කළ 71 වන ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදීය.
ෂාරුක් ඛාන් ෆිල්ම්ෆෙයාර් ඇතුළු ඉන්දීය සම්මාන උළෙලවලදී පමණක් නොව, විදෙස් සම්මාන උළෙලවලදී ද හොඳම නලුවාට හිමි සම්මාන රැසකින් පිදුම් ලබා සිටින නමුත්, ඉන්දීය ජාතික සිනමා උළෙලකදී හොඳම නලුවාට හිමි සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.
2023 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර, ඒ අනුව එම වසරේ තිරගත වූ 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙන් ෂාරුක්ට මෙම සම්මානය හිමිවනු ඇත. ජවාන් චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 1,148 කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි වූ අතර, එය එම වසරේ වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය ද ජවාන් විය.
71 වන ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී ෂාරුක් පමණක් නොව, ටුවෙල්ත් ෆේල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ වික්‍රාන්ත් මසේයිට ද හොඳම නලුවාට හිමි සම්මානය හිමිවීම විශේෂත්වයකි. 2023 වසරේ හොඳම චිත්‍රපටය බවට පත්වූයේ ටුවෙල්ත් ෆේල් චිත්‍රපටයයි.
ඊට අමතරව, හොඳම නිළියට හිමි සම්මානය, බොලිවුඩ් නිළි රාණි මුකර්ජිට හිමිවිය. ඒ, ඇය රංගනයෙන් දායක වූ මිසිස් චැටර්ජී වර්සස් නොර්වේ යන චිත්‍රපටය වෙනුවෙනි. මෙය, ෂාරුක් මෙන්ම, රාණි මුකර්ජිගේ ද දශක තුනක සිනමා දිවියේ ලබාගන්නා පළමු ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානය ලෙස සැලකෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd