IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්දු ඇමෙරිකා අර්බුදය ඔඩුදුවයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව මත පනවා ඇති තීරුබදු සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට තීරණය කර ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින ඔඩුදුවද්දී, රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාව සමඟ ගනුදෙනු කරමින්, රුසියාවෙන් විශාල වශයෙන් බොරතෙල් මිලදී ගෙන, නැවත විශාල ලාභයකට අලෙවි කිරීම හේතුවෙනි.

“රුසියාව යුක්රේන වැසියන් මරා දමනවා. ඉන්දියාව ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. ඉන්දියාවට පනවා ඇති තීරු බදු සැලකිය යුතු මට්ටමකින් තවත් ඉහළ දැමීමට අපට ඒ නිසා සිද්ධ වෙනවා” යැයි ජනාධිපති ට්‍රම්ප්, සිය සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබේ. 

ඇමෙරිකාව, ඉන්දියාව ඇමරිකානු නිෂ්පාදන සඳහා අය කරන බදු අය කිරීමත්, රුසියාව සමඟ ගනුදෙනු කරමින්, රුසියානු තෙල් සහ යුද උපකරණ මිලදී ගැනීමත් සැලකිල්ලට ගනිමින් මේ වනවිටත් ට්‍රම්ප් පරිපාලනය ඉන්දියානු භාණ්ඩ සඳහා සියයට 25ක තීරුබදු පැනවීමක් කර තිබේ. ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ එම තීරු බදු තවත් ඉහළ දමන බවටය.

මේ සම්බන්ධයෙන්, ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව පවසා ඇත්තේ, බටහිර රටවල් ද රුසියානු භාණ්ඩ සහ බලශක්ති නිෂ්පාදන ආනයනය කරන බැවින් ඉන්දියාවට පමණක් මෙලෙස චෝදනා කිරීම අසාධාරණ බවය. 
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මාධ්‍ය හමුවේපැහැදිලි කර ඇත්තේ, ඉන්දියාව රුසියාවෙන් බොර තෙල් ආනයනය කරන්නේ තම රටේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට බලශක්තිය ලබා දීම සඳහා බවය.

ඇමෙරිකාවේ තීරු බදු හමුවේ, ඉන්දියාව තම ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව රැකගැනීමට අවශ්‍ය ගතහැකි සියලු පියවර ගන්නා බවත් ඉන්දීය රජය වෙනුවෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල්අවධාරණය කර ඇත.



අදහස් (0)

ඉන්දු ඇමෙරිකා අර්බුදය ඔඩුදුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site