
ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ගන්නා ඕනෑම තීරණයකදී, තමන්ගේ සහාය ඊශ්‍රායලයටත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාටත් හිමිවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවැසුවේ පලස්තීනුවන් වෙසෙන ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට තමන් පියවර ගන්නවා යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ඩමින් නෙදෙන්යාහු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
ගාසා තීරය අත්පත් කර ගැනීමට ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා කටයුතු කරන්නේ නම්, එය වැළැක්වීමට තමන් උත්සාහ නොගන්නා බවත්, තමන්ගේ අරමුණ වී ඇත්තේ ගාසා තීරයේ කුසගින්නේ මියයමින් සිටින පලස්තීන වැසියන්ට අවශ්‍ය ආහාර ඇතුළු මානුෂීය ආධාර නොකඩවා ලබා දීම බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd