
‘බලොච් විමුක්තිකාමී බලකාය’ යන නමින් හැඳින්වෙන, බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමී සංවිධානය, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බලුතිස්තානය යනු පාකිස්තානයට අයත් ප්‍රාන්තයකි. මෙය පිහිටා ඇත්තේ පාකිස්තානය සහ ඉරානයට මැදිවය. ‘බලොච් විමුක්තිකාමී බලකාය’ බලුකිස්තානය වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි. ඔවුන් පාකිස්තාන හමුදාව සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගනී.
ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු, ‘බලොච් විමුක්තිකාමී බලකාය’ ට අරමුදල් ලබා දීම නවතා දැමෙයි. බලොච් විමුක්තිකාමී බලකායේ සාමාජිකයන්ට සම්බාධක පැනැවීම් ද සිදුවෙයි. ‘බලොච් විමුක්තිකාමී බලකාය, ‘මජීත් බ්‍රිගේඩ්’ යන නමින් ද හැඳින්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd