දේශසීමා අර්බුදය අවසන් කිරීමට ඇතිකරගත් සටන් විරාමය තිරසාර සටන් විරාමයක් බවට පත් කර ගැනීමේ අරමුණින්, තායිලන්ත සහ කාම්බෝජ නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදීය.

එහිදී දේශසීමා අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර දෙරටේ හමුදා ප්‍රධානීන් අතරේ හමුවක් ද ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්වීමට තීරණය කර ගැනුණි. එහිදී දෙපාර්ශ්වය සටන් විරාමයකට යෑමට නියමිත බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අතීතයේ, සියම සහ ක්‍රෙමර් අධිරාජ්‍යයයනුවෙන් හැඳින්වුණු තායිලන්තය සහ කාම්බෝජය ථේරවාද බෞද්ධ රටවල්ය. තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශසීමා අර්බුදයක් පවතින්නේ 11 වැනි සියවසට අයත් ‘තා මෝන් තෝම්’ නමැති කෝවිල සම්බන්ධයෙනි. අද මෙහි ඉතිරිව ඇත්තේ නටබුන් පමණි.